Tuesday, July 10, 2018

නුඔමද මේ

වියරු වැටෙනා රුදිරු ගින්නක්
පුපුරු නැගෙනා අයුරු බලපන්
අමතකම වී ම්නිස් ගුණකම්
දැවි දැවී රගනා සොබාවන්

සුන්දරයි කී ඔබේ හදවත
හැසිරුනා නුපුරුදු ලෙසින්
යන්න හිතුනා මටත් දුරකට
මිදී ඔබේ ඔය මුසාවෙන්

දුන් නමුත් දිව්රුම් එදා නුබ
හතර අත  පෙන්වා පෙමින්
දැනුනෙ නුබ වත් රකියි මා දැන්
සැනසුමේ අරුණලු ලෙසින්

9 comments: