Tuesday, July 10, 2018

අප්පච්චි නුඔත් මං හිංදා


රගයි කුසගිනි නොමැති විලසින 
සෙනෙහසේ ප්‍රතිරූ මවා
ගසයි අනබෙර පුරසාරමින් 
දුව පුතා මෙලෙසයි කියා
දිව්රුවේ සත්තයි කියාමයි
අප ලගම රැදෙනා ලෙසින් 
නමුත් තනි කරලා ගියේ අැයි
මේ මහා ඝන සර්ප විමනේ 

වින්දේය අවමන් ඔබත් අද 
මා නිසා නොවිදින සුවෙන් 
රැක්කේය මා මටසිළුටු කොට
තව තවත් සුරගන ලෙසින් 
දුන්නේය පෙර සෙනෙහසම මට
නොකර අඩුවක් කිසි ලෙසින් 
නමුදු ණය බෑ ගෙවාලන්නට 
මැරි මැරී ඉපදුන නමුත්

2 comments: