Sunday, July 29, 2018
ලිහිණිගේ හෙලිදරව්ව
ලිහිණිගේ හෙලිදරව්ව
වෙලාව සවස 6 පමණය.යන්තමින් කලුවර වැටීගෙන එයි.කෙතරම් අැදිරි වැටුනත් ගමේ මහ නුගේ ලගින් යන්නට බිය නැත්තේ වැල්ලක්කේ බවලත්තු පමණි.ටව්මට ගිය ගැහැනුන් කිසිදු බියක් නැතිව ගම්මානයට පැමිනෙන්නේ ද මේ මහ නුගේ පිහිටෙනි.
" ඕං අදත් නුගේ ලග පහනක් පත්තු කොරලා.සෝමලිංගෙ පොඩි එකී වෙන්ටැ . "
" ඕකි තමයි පොලිස් උන්දැලාට කට පන අැතුව වචනයක් හරි කතා කෙරුවේ.ලොකු එකීගෙ දැං මොලේ හොද නැහැ ය කියන්නෙ "
නුග ගස ලග දල්වා තිබුනු පහන දැක මහලු ගැහැනු දෙදෙනා මෙලෙසින් තෙපලුවේ මීට සුමාන දෙකකට පෙර වැල්ලක්කේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමත් සමගය."ගිලෙන්න යන මිනිහට පිදුරු ගහත් ගහක්ලු"යන කියමනට එහා ගිය දෙයක් තම මිත්‍යා විශ්වාසයට එක්කරගන්නට සෝමලිංගෙ පොඩි එකී පෙලබුනේ තමාට අම්මා කියා තිබූ ජනප්රවාදයේ එන ප්‍රසිද්ධ කතාවක් තම චින්ත සන්තානයේ ගැඹුරින් තැන්පත් වී තිබූ නිසාය.
සෝමලිං යනු ලණු අඹරා තම පවුල නඩත්තු කල යකඩ ගැහැනිය යි.අැයගේ සැමියා මලේ පොලගෙකු දශ්ට කර මීට හත් අව්රුද්දකට පමන ඉහතදී ය.ලොකු දොනියැන්දා සෝමාය.අැය යන්තන් හත වසර සමත්ව අම්මා සමග ලණු අඹරන්නේ අව්රුදු 4ක පමන සිටය.දැන් අැය අැහැට කනට පේනා ලැමිස්සියෙකි.අැගෙ බාල සහෝදරිය සුමනාය.අැය පාසල් යන්නේ අකුරු ඉගෙන , ඉස්කෝලේ හාමිනේ කෙනෙකු වීමට අැති ආසව හිත් මලේ තවරාගෙනය.අැය ඉගෙනීමට දක්ෂය.නමුත් සෝමා තරම් නම් හැඩැත්තියක නොවුවාය.
සෝමලිංගෙ නිවස පිහිටියේ ලදු කැලාවක හතර මායිම්ව වෙල් යායට මුහුනලාය.
මහලු ගැහැනු දෙදෙනා සෝමලිංගෙ නිවසට පැමිනෙන්නේ ලොකු එකීගෙ සුව දුක් බැලීමටම නොවන බව සෝමලිං දැන ගත්තෙ ඔවුන් ගමේ විස්තර පවා එක දෙක කොට පතුරුවන ගැහැනුන් බව පෙර සිටම දැන සිටි නියාවෙනි.
ගමේ ගැහැනියක් - " පොලෝසියට පැමිනිල්ලක් කොරේ නැතෙයි.අහස පොලොව නුහුලන මේ අපරදෙ කොරපු එකාට යහතින් ඉන්න දෙන්නද බොලාගෙ කල්පනව "
සෝමලිං - " මේ වෙච්චි අවනම්බුව අැති.තව ලජ්ජා ව්දින්නද උබ කියන්නෙ.ඔයි පොලෝසි ගානෙ රස්තියාදු වෙන්ට,උන් එක්ක ඔට්ටු වෙන්ට අපිට හයියක් කොයින්ද ? "
සෝමලිංගෙ ලොකු දුව සෙය්ලමෙ සෙල්ලක්කාරයෙකු අතින් සල්ලං වූයේ මීට සුමාන දෙකකට පමන ඉහතදී ය.අැයගේ වේලපත්කඩය බලවා අාරක්ෂක නූලක්ද ඉන වට දැම්මෙ ආරක්ෂාවට කියා ගමේ කට්ටඩි රාල කෙනෙකුගෙන් ය.සිහි විකලින් හුස්ම ගන්නා ශරීරයක් පමනක්ම බදු සෝමා වචනයකුදු කතානොකරන්නේ එදා අැයට අැති වූ කම්පනය හා භීතිය නිසාය.අැයට මේ අපරාධය කළ නරුමයා කව්රුන්ද කියන්නට වත් සෝමා දන්නෙ නැත.පන කෙන්ද බේරා තිබුනේ දර කඩන්නට කැලෑවට ආ ගැහැනුන් නිසා වෙන්ටැ බව දැන ගන්නට ලැබුනේ එ් නරුමයා මොටෝ සයිකලය පන ගන්වා කඩිමුඩුයේ නගරය දෙසට අැදෙනු දුටු ගැහැනුන් කී කතාවෙනි.පෙනුමට සෙය්ලමේ කොල්ලෙකු කීවට සෝමට කර තිබූ හදියෙන් ඔහු මානසික අසහන කාරී අයෙකු බව නම් පෙනෙන්නට තිබුනි.සෝමාගේ නැගෙනිය වන සුමනාට මේ කාරනාව ගැන අවබෝධයක් නැත්තේද නැත.අැය මහ නුග ගහට පහන පත්තු කරන්නේ සුමාන තුනක් පමනක් බව මවට නිතර කියයි .එසේ කීවත් මේ නුග ගස ගැහැනුන්ට සල්ලාලාකන් කරනා පිරිමි යැයි කියාගන්නා පුරුශ ලිංගිකයන්ට සුමාන තුනක් යන්නට මත්තෙන් ඒකාන්තයෙන් මරනය ලං කරනා බව අැය දනී.සුමනා පැතුවේ එකම දෙයකි.ඒ වරදකරුගේ නිසල දේහය පමනි.
සුමාන තුනකුත් ගෙවී ගොස් හමරය.සෝමා ද බලාගත් අතම බලා ඉන්නෙ තමන් මල කදක් නොවන බවට අසිපිල්ලෙන් පමනක් ලබා දෙන සාක්ෂියත් සමගිනි.
ගමේ කරෝලිස් උන්දැ සෝමලිංගෙ ගේ දිහාවට දිවගෙන ආවේ හති දාගෙනය.
" කෝ බං පොඩි එකී . අන්න කව්දෝ මිනිහෙක් නාහෙන් ලේ දාගෙන නුග ගහ ලග මරිල ඉන්නව "
සුමනාත් සෝමලිංනුත් ගල් ගැසී බලා සිටියි.කරෝලිස් උන්දැ පැමින පොඩි එකීවම සෙව්වේ නුග ගහ ලග පහන දැල් වූයේ සුමනා බව ගමේ කව්රුත් දන්නා නිසා බැව් ඔවුන් හොදාකාරවම දනී.ලණු අඹරීමද පැත්තක දමා කරෝලිස් උන්දැ වත් තල්ලු කොට මහ නුග ගහ ලගට සෝමා දිව ගියේ වියරු වැටුනු තැනැත්තියක ලෙසිනි.සෝමලිං ද සුමනා පසුපස දිව ගියාය.ලොකු කෙලීට මේ ඉරනම අත් වූයේ තමන් නිසා බව සෝමලිං නිතර කල්පනා කරයි.සෝමා ට තනිපංගලමෙ යාමට ඉඩ දුන්නෙ තමන්මය.සෝමලිං දැං කිසිලෙසකින් සුමනාව නම් තනි නොකරයි.
ගමේ උදවිය මිනිය වට කරගෙනය.නහයෙන් ලේ හැලී දෙනෙත් අැරගෙනම මොකක්දො කියන්නට කට අැරගත් විලසිනි තවමත්. මුලු අැගම පහුරු ගා සූරාය.මිනිය බෙහෙවින් සීතලය.මෝටර් බයිසිකලයක්ද අසල වැටී තිබුනි.කමීසයද ඉරී ගොසිනි.වම් අතෙහි රතු පැහැති දිග නූලක් ද විය.ඒ අසල හිටගෙන සිටි මහලු පිරිමියෙක් හඩ අවදි කලේ කනස්ස්ලු ස්වභාවයෙනි.
" කැලෑ බළලෙක් හපා කාලා මයෙ හිතෙ.ඊයෙ රත්තිරියෙ වෙන්ටැ හපා කන්ට අැත්තෙ "
සෝමලිං පොඩි එකී වත් අතින් අැදගෙන විගහට නිවස බලා අාවේ අනේ අපොයි කියමිනි.සුමනා තවමත් කල්පනා කරයි .සෝමලිං නැවතත් තැලීමට සූදානම් කර තිබූ පොල් ලෙලි ටික තමන් ලගට කර ගත්තාය.
සුමනා - " අපේ අක්කට අපරාදෙ කරපු වනචරයා වෙන්ටැ අර මරිල ඉන්නෙ කියලා ගමෙ එවුන් කතා උනා.ඌ මෙයි කියලා අපි නිච්චියටම දැන ගන්නෙ කොහොමෙයි අම්මේ.පහන පත්තු කරලත් දැන් සුමාන තුනක් පහුවෙන්ටත් ගිහින්.
සෝමලිං - " මරුනු එකා මොකා උනත් උඹලැයි අක්කට දැං වෙන සෙතේ මොකක්ද කියපන් මට , ඌ කොරාපු අකුසලේට , මගේ ලොකු එකී අනාථ කෙරුවට , නරකාදියටම පලච්චාවෙ , අවලං බල්ලා "
පොලවට දෙඅත් ගසා මහ හඩ දෙමින් සෝමලිං හඩන්නට පටන් ගත්තේය. සුමනා , මව ඇගේ ළැමට තුරුල් කර ගත්තේ කියා ගනු බැරි මහා වේදනාවකිනි. සෝමලිං ඇගේ අතේ තිබුනු රතු නූල සුමනා අත තැබුවාය.
මීට අව්රුදු ගණනාවකට පෙර නුග ගහ ළග දූෂණය කර මරා දමා තිබූ ලිහිණි , කන්තා යුක්තිය වෙනුවෙන් කරනා සටනේ ඉදිරියෙන්ම ලෙල දෙනා අසිපත බවට දැන් සුමනාත් දැනගෙන හමාරය.නමුත් සෝමා තවමත් බලා ගත් අතම බලාගෙනය.
වස්තු විෂය වැල්ලක්කේ නුග ගහ අාශ්‍රය කරගෙන සැකසූවකි.
එච්.එල්.අනුපමා නිෂාදි ගුණවර්ධන
HS/2015/0299
සාම්ප්‍රදායික සන්නිවේදනය
Subscribe to:
Post Comments (Atom)


හොද නිර්මාණයක්
ReplyDeleteTx pana
ReplyDelete